මම දන්නවා පසුගිය වර්ෂවල ගුණාත්මක බවින් තොර ලතින් ඇමරිකාව වගේ රටවලින් බාල පොහොර ගෙනාවා නිසි කලට පොහොර දුන්නේ නෑ පොහොර කැට වෙලා ගොවියාව දියර පොහොර තවමත් ගබඩාවල ගොඩ ගහලා මේ හේතූන් නිසා ගොවියා ගොවිකමෙන් ඈත් වෙලා යැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා හුණුපිටිය රජයේ පොහොර සංස්ථාවන් වන ලක් පොහොර හා කොමර්ෂල් පොහොර සංස්ථාවන්හි නිරීක්ෂණයට එක් වෙමින් පැවැසීය

රටේ අවශ්‍යතාවයෙන් මෙටිට්‍රක් ටොන් 3 95 000 ක් වී වගාව වෙනුවෙන් සහනදායී මුදලට මෙම සංස්ථා මගින් ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදා හරිනු ලබයි . මේවන විට ඉදිරි යල් කන්නයට ද ගබඩාවන්හි පොහොර අවශ්‍යතාවයෙන් සියයට හතලිහක් පමන තොග පවතින බව අමාත්‍ය වරයා කල සංචාරයේදී දැක ගත හැකි විය.

රසායනික පොහොර භාවිතයෙන් උතුරු මැද වකුගඩු රෝගයට බලපෑමි එල්ලවූයේ බාල පොහොර ආනයනයෙන් බවත් දැන් ගුණාත්මක බවින් යුතු පොහොර මැද පෙරදිගින් ආනයනය කරන බවත් කෙසේවෙතත් ආනයනයට පෙර හා පසු පොහොර ගුණාත්මක බවින් යුක්තද යන්න බවට පරීක්ෂා කලයුතු බව අමාත්‍ය වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

නැවත බාල පොහොර මෙරට ගොවිතැන් සදහා කිසිසේත් තමා අමාත්‍යවරයාව සිටින තෙක් ආනයනය නොකිරීම සදහා තමන් වගකීමෙන් ගොවියන් වෙනුවෙන් බැදීසිටින බවද මේ වන විට තම රජය ගොවියාට නොමිලයේ පෙහොර ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම තම අපේක්ෂාව බව එහිදී කීය.

කන්නයට පෙර අවශ්‍ය පොහොර ආනයනය කිරීම පෙහොර ලේකමි කාර්යාලයේ වගකීමක් බව ද පුද්ගලික ආනයන සමාගම් වෙනුවෙන් නොව රජයේ ලක් හා කොමර්ෂල් පොහොර සමාගම් හරහා ගොවියාට පොහොර නිසි වෙලාවට ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අමාත්‍ය වරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර , අමාත්‍ය උපදේශක ශිරාන් වීරකෝන් මහත්මිය ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.


















கருத்துரையிடுக

Blogger இயக்குவது.